
අධිරාජ්යවාදය; සමාජවාදයේ පෙරවදන ලෙස…
”අධිරාජ්යවාදය යන්න අප විස්තර කළ යුත්තේ, පරිවර්තනය වෙමින් පවතින, එසේ නැතහොත්, වඩාත් නිවැරදිව කිවතොත්, මරණාසන්නව පවතින ධනපති ක්රමය යනුවෙනි.” – ලෙනින්
කි්ර.ව. 15වැනි 16වැනි සියවස්වල බිහිවූ ධනපති ක්රමය කි්ර.ව. 19වැනි සියවස අවසාන කාලයේ ධනේශ්වර ඒකාධිකාරී අවධිය හෙවත් අධිරාජ්යවාදී අවදියට පා තැබීය. අප ජීවත්වන මේ ලෝකයත් එහි ජනතාවත් වසර 500ක ධනේශ්වර පාලනයක් තුළ දිවි ගෙවමින් සිටින අතර ඉන් සියවසකට මඳක් වැඩි කාලයක් දිවිගෙවා ඇත්තේ අධිරාජ්යවාදය තුළය.
ගෙවුණු සියවසකට මඳක් වැඩි කාලය තුළ අධිරාජ්යවාදය ඊට පෙර පැවති සමස්ත පංති සමාජක්රමයන් විසින් සිදුකරනු ලැබූ විනාශයට වඩා වැඩි විනාශයක් හා හානියක් මානව වර්ගයාටත් සොබාදහමටත් සිදුකර තිබේ. අධිරාජ්යවාදය ලෝක යුද්ධ දෙකක් සිදුකොට කෝටි ගණනක් මිනිසුන් මරා දමා තිබේ. මිල කළ නොහැකි තරම් සම්පත් හා දේපළ වනසා තිබේ. අධිරාජ්යවාදය ලොව රටවල් හා ජනතාවන් යටපත් කොට ගෙන යටත්විජිත මගින්ද නව යටත්විජිත උපක්රම හරහාද එකී ජනතාව පීඩාවට පත්කර තිබේ; පීඩාවට පත්කරමින් සිටි. පරිධියේ රටවල ජනතාවගේ ශ්රමයත් ස්වභාවික සම්පතත් කොල්ලකමින් එම රටවල ජනයා දිළිඳුකමට, නූගත්කමට, මරණයට පත්කර තිබේ. එය යුදමය ආක්රමණවලින් නිතිපතා මිනිසුන් මරාදමමින් සිටියි. මුළු ලොවම වනසා දැමිය හැකි තරමට න්යෂ්ටික අවි ඇතුළු අවි ගොඩගසා තිබේ. විද්යාවේ තාක්ෂණයේ දියුණුව මානව වර්ගයාගේ යහපතට යොදවනවා වෙනුවට මානව වර්ගයා විනාශ කිරීමට යොදවා තිබේ. මානව වර්ගයාගේ අනාගත පැවැත්මට අත්යවශ්ය සොබාදහම සිය ‘ලාභ ලැබීම්’ වෙනුවෙන් වනසා දමමින් තිබේ. එය සැම දෙයකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා නරුම සමාජයක් බිහිකොට තිබේ. එබැවින් අධිරාජ්යවාදය මානව වර්ගයාට එරෙහි ලොව අංක එකේ අපරාධකරුවා බවට පත්ව තිබේ.
මානව වර්ගයාට මෙතරම් විනාශයක් සිදුකළ අධිරාජ්යවාදයම ධනපති ක්රමය පෙරළා දමා නව සමාජයක් ලෙස සමාජවාදය ගොඩනැගීම සඳහා අත්යාවශ්ය වන සියලූ විෂයමූල සාධකද නිමවා තිබේ. සමාජවාදය ගොඩනැගීමට හැකි තරමට නිෂ්පාදන බලවේගයන් වර්ධනය කර ඇත්තේත් ඒවා සංකේන්ද්රණය කර ඇත්තේත් අධිරාජ්යවාදය තුළය. පංති රහිත සමාජයක් සඳහා අත්තිවාරම දමා ඇත්තේ අධිරාජ්යවාදයය. එබැවින් අපේ යුගය, අධිරාජ්යවාදයේ ක්රෑරත්වය වැඩියෙන්ම පිළිබිඹු වන යුගය මෙන්ම, අපේ යුගය පංති සමාජයේ අවසානයත් නව සමාජයක ආරම්භයත් සනිටුහන් කරන යුගයද වී තිබේ. වරක් ලෙනින් කියූ ලෙසට ”නවීන ධනපති ක්රමයේ (අධිරාජ්යවාදයේ) සෑම ජනේලයකින්ම සමාජවාදය අප වෙත බැලූම් හෙළා සිටී”. ඒ අනුව අධිරාජ්යවාදය සමාජවාදයේ පෙරවදන වේ.
මානව වර්ගයාට එරෙහි දරුණුතම අපරාධකරුවා වූ අධිරාජ්යවාදය වළදමා එහි අවම`ගුල් ගීතයත් ඒ සමඟම නව සමාජවාදී සමාජයේ උපත වෙනුවෙන් ජයම`ගුල් ගීතයත් එක්ව ගැයීමට ජනතාව එක්රැස් කිරීම මේ යුගයේ සැබෑ මිනිසුන්ගේ වගකීම වී තිබේ. Left ‘අවි තනන්නේ’ එකී වගකීම වෙනුවෙනි.
