Left Magazine

  • Home
  • Magazines
  • About Us
  • Contact Us

logo-inner

රට කරවන්ට නම්…

රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

දළදා මැදුර අධිකව මිල කළ හැකිය
සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය
කළුගල්වලට විකුණා ගෙන සීගිරිය…
සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය

රට කරවන්ට නම්…
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

හෝටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය ලී මෝලකට
දුංහිඳ ඇල්ල හරවා ජල විදුලියට…
සමනල කන්ද බදු දෙමු හෝටලයකට

රට කරවන්ට නම්….
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

ගායනය – නන්දා මාලිනී
ගී පද – සුනිල් ආරියරත්න
සංගීතය – රෝහණ වීරසිංහ

ලැබුණා යැයි කියනු ලබන නිදහසින් පසු වසර 74ක් ගෙවී ගොසිනි. එයින් ආසන්න වසර 45ක කාලයක් ගත වී ඇත්තේ නව ලිබරල් ආර්ථික ක්‍රමය තුළය. රාජ්‍ය ආයතන, මහජන දේපළ විකිණීම නව ආර්ථික උපායමාර්ගයේ ප්‍රධාන කොටස් බවට පත් කරගත් පාලකයන්ට රේස් දුවවනු ලබන අසුනට මෙන් බාහිර දැක්මක් නැත; ඔවුන්ට පෙනෙන්නේ පෞද්ගලීකරණයම පමණි. නන්දා මාලිනියගේ මේ පැරණි ගීතය අදටද අදාළ වන්නේ මේ තත්වය තුළය. මෙවර Left මේ දුෂ්ට විනාශකාරී ගමනින් රට මුදාගන්නා වසර බවට 2023 පත්කර ගැනීම වෙනුවෙනි; ඒ වෙනුවෙන් මතවාදී අවි තැනීම වෙනුවෙනි.

Read More

Copyright © 2024 · Agency Pro Theme on Genesis Framework · WordPress · Log in